සෙනෙගාලයේ ඩකාර් නුවර පැවැත්වෙන 2026 යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ බාලක මීටර් 1,500 ඉසව්වෙන් ශ්‍රී ලංකාවේ ළහිරු අචින්ත රිදී පදක්කම දිනා ගත්තේය. රත්නපුර ශාන්ත ඇලෝසියස් විද්‍යාලයේ අචින්ත තරගය නිම කළේ මිනිත්තු 3යි තත්පර 59.08කිනි. එය මෙවර ඩකාර් උළෙලේ ශ්‍රී ලංකාව දිනාගත් පළමු පදක්කමයි.
ඉතියෝපියාවේ වාබි සෙබ්ලෙගා මිනිත්තු 3යි තත්පර 58.73කින් තරගය නිම කර රන් පදක්කම දිනා ගත්තේය. අචින්ත සහ රන් පදක්කම්ලාභියා අතර පරතරය තත්පර 0.35කි. අචින්ත මීට පෙර 2025දී බහරේනයේ පැවති ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේදී ද මීටර් 1,500 ඉසව්වෙන් රන් පදක්කම දිනා තිබිණි.
අප්‍රිකානු භූමියක පැවැත්වෙන පළමු ඔලිම්පික් ක්‍රීඩා උළෙල ලෙස ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව හඳුන්වන ඩකාර් යොවුන් ඔලිම්පික් උළෙල නොවැම්බර් 13 වැනිදා නිමාවට පත්වීමට නියමිතය.
