නොවැම්බර් 1 සිට 8 වැනිදා දක්වා විදේශීය සංචාරකයන් 49,929 දෙනකු ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අනුව, වසර ආරම්භයේ සිට නොවැම්බර් 8 වැනිදා දක්වා මෙරටට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව 1,912,233 දක්වා ඉහළ ගොස් තිබේ.

නොවැම්බරයේ මුල් දින අට තුළ වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. එම සංඛ්‍යාව 12,401ක් වන අතර, එය අදාළ කාලයේ සමස්ත පැමිණීම්වලින් හතරෙන් එකකට ආසන්නය. රුසියාවෙන් සංචාරකයන් 5,483ක්, එක්සත් රාජධානියෙන් 3,541ක් සහ ජර්මනියෙන් 3,449ක් පැමිණ තිබේ.

ඔක්තෝබර් මාසයේදී මෙරටට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව 168,625කි. එය 2025 ඔක්තෝබර් මාසයට වඩා සියයට 2.1ක වර්ධනයකි. සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරන්නේ එය ඔක්තෝබර් මාසයකදී මෙරට වාර්තා වූ වැඩිම සංචාරක පැමිණීම් සංඛ්‍යාව බවයි.