ජනාධිපති අනුර කුමාර දිසානායක උදාවූ නව වසරට ආශීර්වාද ලබාගැනීම සඳහා අද (01) පෙරවරුවේ ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදාගැනීමට ගොස් ඇත.
අනතුරුව, උදා වූ නව වසරේ ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමට පැමිණ සිටි ජනතාව සමගද ජනාධිපතිවරයා සුහද කතා බහක නිරත වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර සිටියා.





