නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත්.
නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා වර්තමාන රජය වසර පහකට පමණක් බලයට පැමිණි රජයක් නොවන බවත්, ඉදිරියේදී තවත් දිගු කාලයක් මෙරට පාලනය කිරීමට බලාපොරොත්තු වන බවත් ප්‍රකාශ කර තිබෙනවා.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ අදහස් පළ කර ඇත්තේ උත්සව සභාවක් අමතමින්.
එසේම මහජන කැමැත්තෙන් සහ ප්රජාතන්ත්රවාදී ඡන්දයෙන් තේරී පත්වූ මෙම රජය, ඉදිරි වසර පහ, දහය පමණක් නොව තවත් බොහෝ කාලයක් රට පාලනය කරන බවත් පවසා ඇත. එහිදී රටේ සැබෑ සමාජ, ආර්ථික සහ දේශපාලන පරිවර්තනයන් සිදුවන්නේ වසර 10-15 කට පසුව බවත්, දැනට එය ආරම්භ වී ඇති බවත් ඔහු සඳහන් කර තිබෙනවා.
ඒ අනුව මෙය සංක්‍රාන්ති සමයක් බවද ටී.බී. සරත් මහතා අවධාරණය කර ඇත.
