හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදෙන ලෙස අවස්ථා කිහිපයකදී දන්වා තිබුණද, ඔහු විවිධ අසත්‍ය කරුණු දක්වමින් එය මග හැර ඇති බව අල්ලස් කොමිසම කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත.
ඔහු දුරකථනය විසන්ධි කර නිවස අත්හැර ගොස් ඇති අතර, රටින් පිටව ගොස් ඇති බවද පවසයි. ඒ නිසා ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන ලෙස අල්ලස් කොමිසම ඉල්ලීමක් කර ඇත.
මෙම චෝදනාව සම්බන්ධ වන්නේ, නීතිමය ක්‍රමවේදයට පටහැනි ලෙස කිරින්ද ධීවර වරායේ වැලි කැණීම් ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදීම තුළින් රජයට රු. ලක්ෂ 262 කට අධික පාඩුවක් වීමයි.
