රාජිත සේනාරත්නට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවක් අද (29) කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න ඉදිරියේ කැඳවීමට නියමිතව ඇති බවයි සඳහන් වෙන්නේ. අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබෙන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මේවන විට කොළඹ මහාධිකරණයට පැමිණ තිබෙනවා.

