2026 සිට ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ පළමු වැඩසටහන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.මෙහිදී, ප්‍රතිසංස්කරණවල අරමුණු, මාර්ගෝපදේශන මූලධර්ම, විෂය මාලා, ක්‍රියාත්මක කිරීමේ ක්‍රම සහ ගුරු පුහුණුව පිළිබඳව විස්තරාත්මකව ඉදිරිපත් කෙරිණි.අධ්‍යාපන අමාත්‍යාංශය, ජාතික අධ්‍යාපන ආයතනය සහ කොමිසම විසින් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම හා අධීක්ෂණය සම්බන්ධයෙන් පැහැදිලි කිරීම් සිදු කළා.මන්ත්‍රීවරුන් තම අදහස් හා යෝජනා ඉදිරිපත් කළ අතර, විශේෂ අවශ්‍යතා සහ ආබාධ සහිත දරුවන් වෙනුවෙන් අධ්‍යාපන පරිවර්තනයක් සිදුකිරීමේ වැදගත්කමද අවධානයට ගත්හ.
