කෘෂිකර්ම, ආහාර හා ඩිජිටල් යටිතල පහසුකම්වල සහයෝගය ව්‍යාප්ත කිරීමට අවධානය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ගේට්ස් පදනමේ ගෝලීය සංවර්ධන ප්‍රධානී ආචාර්ය ක්‍රිස් එලායස් මහතා අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.

මෙහිදී කෘෂිකාර්මික නවීකරණය, ආහාර හා පෝෂණය, ඩිජිටල් යටිතල පහසුකම්, සහ ග්‍රාමීය ප්‍රජාව නව තාක්ෂණයට එකතු කිරීම වැනි මූලික කරුණු සාකච්ඡා විය.

ගේට්ස් පදනමේ Inclusive Digital Agriculture Transformation වැඩසටහන පිළිබඳවද විශේෂ අවධානයක් යොමු කරන ලදී. ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් පදනමේ සහය ඉල්ලා සිටියි.

ග්‍රාමීය ප්‍රජාව, කෘෂිකර්මය, සහ ඩිජිටල් ආර්ථිකය වැනි ක්ෂේත්‍රවල තිරසාර සංවර්ධනයට සහාය දැක්වීමට ගේට්ස් පදනම කැපවීම ප්‍රකාශ කළ අතර, රජයේ කැපවීම පිළිබඳවද ප්‍රශංසා කළා.

මෙම හමුවට රජයේ සහ ගේට්ස් පදනමේ ඉහළ නිලධාරීන් රැසක් සහභාගි වුණි.