රුපියල් එකොලොස් ලක්ෂයක බදු මුදලක් ඉවත් කරදීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් අල්ලස් ලබා ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයා ලබන ජූලි 22 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළාය.

මෙම නියෝගය අල්ලස් කොමිසම සහ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව නිකුත් විය.