ඊශ්රායලය ගාසාහි දින 60ක සටන් විරාමයක් ආරම්භ කිරීමට එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් පවසන අතර, මෙම කාලය තුළ යුද්ධය අවසන් කිරීම සඳහා සියලු පාර්ශ්වයන් සමඟ කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කරයි.
කටාර් සහ ඊජිප්තුව මැදිහත්කරුවන් ලෙස කටයුතු කරමින් අවසන් යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතය. සටන් විරාමයට හමාස් සහ ඊශ්රායලය දෙපාර්ශ්වයම එකඟ විය යුතු අතර එසේ නොවුනහොත් යුද්ධය දික්වනු ඇති බවටත් අනතුරු අඟවයි. 2023 ඔක්තෝබර් 7 සිට මේ දක්වා ඊශ්රායල ප්රහාරවලින් ගාසාහි පුද්ගලයින් 56,647 ක් පමණ මියගොස් ඇති අතර, මුලික ප්රහාරයෙන් ඊශ්රායලයේ පුද්ගලයින් 1,200 ක් පමණ මියගොස් ඇත.
