හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක ජූලි 07 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ අනුව ඔහු අද (26) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති අතර, මෙම නඩුවේ තුන්වන සැකකරු ඇප මත මුදා හැරීමටද නියෝග කර ඇති බවයි සඳහන් වෙන්නේ.

හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ තිබී රන් ආලේපිත ගිනි අවියක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක ඇතුළු පිරිසට චෝදනා එල්ල වී තිබෙනවා.