යැපුම් මානසිකත්වයෙන් මිඳී, ස්වෝත්සහයෙන් නැගීසිටින අභිමානවත් පුරවැසියන් බිහිකිරීමේ අරමුණින් ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශය මගින් දියත්කර ඇති ප්‍රජා සවිබල ගැන්වීමේ වැඩසටහන පිළිබඳ ඊට සෘජුව දායක වන රාජ්‍ය නිලධාරින් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ ගාල්ල දිස්ත්‍රික් වැඩසටහන ගාල්ල හොල් ඩි ගෝල් ශාලාවේදී 2025.05.16 දින පෙරවරුවේ ගරු අමාත්‍ය උපාලි පන්නිලගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනා. ප්‍රජාව තුළින් ගොඩනැගෙන ශක්තීන් හඳුනාගනිමින් ප්‍රජා සහභාගිත්වය හරහා දිළිදුකම පිටු දැකීම ඉලක්කකරන මෙම සංවර්ධන වැඩසටහන ගම්මට්ටමින් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක කරනු ලබනවා. ග්‍රාමසේවා වසම් මට්ටමින් දිළිඳු පවුල් තෝරාගැනීම, පවුල් ඒකක සඳහා වෙන් වෙන් වශයෙන් පවුල් සංවර්ධන සැලසුම් සකස්කිරීම, එම සැලසුම් ක්‍රියාත්මක කිරීම හා පසුවිපරම් කිරීම මෙන්ම තෝරාගත් දිළිඳු පවුල් යම් කාලරාමුවක් තුල සවිබලගැන්වීම යන කාරනා මෙන්ම ඒ සඳහා රේඛීය අමාත්‍යංශ, රාජ්‍ය ආයතන, රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධකර ගැනීම යන කාරුණු පිළිබඳව නිළධාරීන් දැනුවත් කිරීම මෙහිදී සිදු කෙරුණි. එම අවස්තාවේදී අදහස් දැක්වූ ගරු අමාත්‍ය ආචාර්ය උපාලී පන්නිලගේ මහතා සඳහන් කළේ ඉදිරි වසර 5 තුල දිළිඳු පවුල් ලක්ෂ 20ක් සවිබලගැන්වීමට සැලසුම් කර ඇති බවත්, පංචවිධ සවිබලගැන්වීමේ ක්‍රමවේදයක් ඔස්සේ මෙම වැඩසටහන් ක්‍රීයාත්මක වන බවයි. එමෙන්ම මූල්‍යාධාර හෝ ද්‍රව්‍යමය ආධාර ලබාදීමක් මෙහිදී සිදු නොකරන බවත් ප්‍රජාව සතු ශක්තීන් හඳුනාගෙන ඒවා තුලින් පවුල් ඒකක සවිබලගැන්වීමට සැලසුම්කර ඇති බවත්ය. වැඩිදුරටත් ඒ මහතා සඳහන් කලේ රජයෙන් රුපියල් මිලියන 1500ක් මේ සඳහා වෙන් කර තිබෙන බව හා පොළී රහිත හා සහන පොළී යටතේ ණය ආධාර ලබාදීමට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් රුපියල් මිලියන 55000ක් දැනටමත් වෙන කර ඇති බවයි.
