හොරණ දික්හේනපුර බක්කුල මහා සෑ භූමි පරිශ්‍රයේදී සිදු කෙරෙන අසිරිමත් බක්කුල මහ රහතුන් වහන්සේගේ ධාතු වන්දනා ප්‍රදර්ශනය ලබන මැයි මස 12 දින සිට 18 දින දක්වා වෙසක් කලාපයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බව හොරණ බක්කුල මහා සෑ විහාරාධිපති ගලිගමුවේ ඥානදීප හිමියන් පැවසුවා. තායිලන්තයේ සඟරාජ මාහිමිපාණන් වෙතින් ලැබුණු සර්වඥ ධාතූන් වහන්සේලා උරුම රටින් ලැබුණු උත්තම ධාතූන් වහන්සේලා ඉන්දියාවේ බරණැස ඇතුළු බෞද්ධ ස්ථානවලින් ලබා දුන් නිදන් වස්තු නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය අස්ගිරි මහා නා හිමියන් ඇතුළු බෞද්ධ විහාරස්ථාන වලින් ලැබුණු සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය කිරීම මෙහිදී සිදු කෙරෙන බව වැඩිදුරටත් උන්වහන්සේ ප්‍රකාසහ කළා.