පානදුර මූලික රෝහලට සහ පානදුර කේතුමතී මාතෘ රෝහලට වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් රෝහල් සේවා මණ්ඩලයේ අධ්යක්ෂ ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය රජවැල්ලේ සුභූති ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් පැවැත්විණි. මෙම රෝහල් වලට අවශ්‍ය මිලියන 30 ක් වටිනා වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීම උතුරු ඇමරිකාවේ ප්‍රධාන සංඝ නායක, වොෂින්ටන් බෞද්ධ විහාරාධිපති අතිපූජ්‍ය මහරගම ධම්මසිරි නාහිමියන්ගේ මූලිකත්වයෙන් සිදුකෙරිණි.
මෙම වෛද්‍ය උපකරණ නිෂ්කාශනය කර ගැනීමට අවශ්‍ය බදු මුදල් ගෙවා ඇත්තේ නිල් මරායින් ආයතනය සහ පානදුර වෙළඳ සංගමය වන අතර මෙම අවස්ථාවට සිඩ්නි නුවර වෛද්‍ය චමින්ද ද සිල්වා, පානදුර මූලික රෝහලේ සහ පානදුර කේතුමතී මාතෘ රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය අතුල ක්‍රිෂාන්ත මහතා ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ පිරිසකුත්, රෝහල් කමිටුව සහ වෙළෙඳ සංගමය නියෝජනය කරමින් පිරිසකුත් සහභාගි වී තිබෙනවා.
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>