ජනක මධුසංක

මේ ආණ්ඩුව මුල ඉඳන්ම රටේ සාමාන්‍ය පොදු ජනතාව රවට්ටන බොරු දේශපාලන ව්‍යාපාරයක් තමයි මහපොළවේ පැල කරේ. අපි ඔබතුමාට මතක් කරලා දෙන්න ඕනේ ඔබතුමන්ලාගේ පාර්ලිමේන්තුවේ ඉන්නවා දිලිත් ජයවීර මහත්මයා. විධායක ජනාධිපතිතුමාට මතක ඇති ඔබතුමා හැමතැනම කෑ ගගහා කිව්වේ මොකක්ද? ඇන්ටිජන් හොරා. හැබැයි දැන් ඔබතුමාගේ ඉස්සරහම ඉන්නේ ඇන්ටිජන් හොරා. ඔබතුමාට බලය තියෙනවා. විධායක ජනාධිපති ධූරය තියෙනවා. කල් යල් යවන්න ඕනේ නැහැ. මේ දින සීයේ වෙච්ච නැති දේ ඔබතුමා බොරුකාරයෙක් නොවේ කියලා කොන්ද පණ ඇති රටට ඔප්පු කරන්න පුළුවන් නම් ඔබතුමා ඒ ඇන්ටිජන් හොරාව අත්අඩංගුවට ගන්න. දිලිත් ජයවීර මහත්මයා හරි නම් එතුමාගෙන් සමාව ගන්න.

ජනක මධුසංක මාධ්‍යට දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>