අද මධ්‍යම රාත්‍රියේ සිට විදුලි ගාස්තු 20%කින් අඩුවන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පවසා තිබෙනවා.

ගෘහස්ථ කාණ්ඩයේ ඒකක 0-30ත් අතර 29%කුත්, 31-60ත් අතර 28%කුත් දක්වා අඩු කර ඇති අතර, 61-90ත් අතර 19%කුත්, 91-180ත් අතර 18%ක් හා ඒකක 180වට වැඩි 19%කින් අඩුවන අතර මාසික ස්ථාවර ගාස්තුද පහත දම ඇති බව වැඩි දුරටත් සදහන්.