ඉස්ලාම් දහමට අපහාස කළා යැයි ගොනුකර තිබූ නඩුවක විත්තිකරුවකු ලෙස නම් කර සිටි පුජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් එම නඩුව කැඳවූ අවස්ථාවේ අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් උන්වහන්සේ අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළා.