පොලිස් කොමිෂන් සභාව විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් රැසකට ස්ථාන මාරු වීම් ලබාදී තිබෙනවා. එයට නියෝජ්‍ය පොලිස්පතිවරු පස්දෙනකු, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු තිස් දෙදෙනෙකු, පොලිස් අධිකාරීවරු තිදෙනෙකු සහ වැඩ බලන පොලිස් අධිකාරිවරයෙක් ඇතුලත්.

තවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක තනතුර සඳහා කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අයි. එස්. මුතුමාල සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරේ සහ පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂකවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ. බී. මනතුංග පත් කර තිබෙනවා.