පූජ්‍ය බලන්ගොඩ කස්සප හිමි

පුජ්‍ය රාජාංගනයේ සද්ධාරතන කියන නමින් පෙනී සිටිමින් තථාගතයන් වහන්සේගේ චීවරය අවභාවිතා කරමින් කටයුතු කරන පුද්ගලයෙක් සම්බන්ධව පැමිණිලි කරන්න තමයි අද අපි පැමිණියේ. ඇත්තටම මේ පුද්ගලයා අතීතයේදී රක්ෂිත බන්ධනාගාර ගතවුණු පුද්ගලයෙක්. ඒ වගේම තමයි එවකට අප මැදිහත් වෙලා මොහුව නැවත ඔහු පුනරුත්ථාපනය කරලා, ශාසනික වශයෙන් යම් නගාසිටුවීමකට සිද්ධ කරන්න අවශ්‍ය නිසා, මොහුව රක්ෂිත බන්ධනාගාරයෙන් නිදහස් කරන්න අවශ්‍ය මූලික කටයුතු අපි සම්පාදනය කළා.

නමුත් දැන් මේ පවතින තත්වය හමුවේ මොහු කිසිම ආකාරයෙන් එම මහනායක නාහිමිපාණන් වහන්සේ දීපු නියෝග හෝ, එහෙමත් නැත්නම් අධිකරණයෙන් දීපු නියෝග පිළිපදින්නේ නැතුව කටයුතු කරන ස්වභාවයක් පෙනී යනවා. අපි මේ සම්බන්ධව ගෞරවනීය මහා නායක නාහිමිපාණන් වහන්සේ දැනුවත් කරා. එහිදී, රාජාංගනය, සද්ධාරතන කියන භික්ෂුව සංඝාධිකරණය එකට කැඳෙව්වා. නමුත් ඔහු ආවේ නෑ. ඒ නිසා තමයි අපි මොහු සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ විදිහට පැමිණිල්ලක් ගොනු කරන්න බලාපොරොත්තු වෙන්නේ.

තමාට කළ අපහාසයක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිය පූජ්‍ය බළන්ගොඩ කස්සප හිමිට එල්ල වුන ප්‍රශ්න

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>