ජනාධිපති අනුර කුමාර දිසානායක

දීර්ඝ කාලයක් අපේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනයා අතර සැකය, අවිශ්වාසය, ක්‍රෝධය, වෛරය පැතිරිලා තිබෙනවා. ඒ නිසා හැමදාමත් අපේ රටේ හිටපු පාලකයන්ගේ වැඩේ බවට පත්වෙලා තිබුනේ දෙමළ අය සිංහල අය කොටවන එක, මුස්ලිම් අය සිංහල අය කොටවන එක, එකිනෙකා එක්ක බෙදන එක තමයි ඒගොල්ලන්ගේ දේශපාලනය. එහෙම බෙදලා දෙමළ ජනතාව තල්ලු කරනවා, දෙමළ පක්ෂයකට. මුස්ලිම් ජනතාව තල්ලු කරනවා, මුස්ලිම් පක්ෂෙකට. අන්තිමේට ඒ පක්ෂෙත් එක්ක කරට අත දාගෙන ආණ්ඩු හදනවා. ඔහොම තමයි බලය තියාගෙන අවේ.

“රට හදන අපි එකට මාලිමාවට” රැලි මාලාවේ ත්‍රිකුණාමලය ජයග්‍රාගී ජනතා රැලියට එක්වෙමින් අනුර කුමාර දිසානායක මහතා දැක්වූ අදහස්!