අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ

රටේ තිබෙන වංචාව, දූෂණය, අල්ලස, කොමිස් ගැනිල්ල පිලිබදව අපි නීතියක් සම්පාදනය කරා. දූෂණ විරෝධී පනත ඉතාමත්ම උසස් මට්ටමේ ප්‍රතිපත්ති ඇතුලත් කරපු පනතක් විදිහට සම්මත කරලා තිබෙනවා. අල්ලස් කොමිෂන් සභාවට බොහෝ බලතල ලබාදීලා පූර්ණ නිදහසකුත් ලබාදීලා තිබෙනවා. අල්ලස් කොමිෂන් සභාවට ක්‍රීඩා සම්බන්ධව, ලිංගික අල්ලස් පිළිබඳව අලුතෙන් වරදවල් හඳුන්වලා දීලා තියෙනවා

වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීමේ නීතිය අපේ රටේ නාමිකව තමයි පැවතුනේ. රාජ්‍ය නිලදාරීන්, දේශපාලඥයන්, මහජන නියෝජිතයන්, යම් යම් ආයතන වල ආයතන ප්‍රධානින්ට වත්කම් ප්‍රකාශ ලබා දීමක් සිද්ධ කරා නමුත් මේ සම්බන්ධව අධීක්ෂණය කිරීමේ බලය නිසි ලෙස පනත මගින් හඳුන්වා දීලා තිබුණේ නැහැ.

වර්තමානයේ හඳුන්වලා දීලා තියෙන නීතිය අනුව ජනාධිපතිට හෝ කතානායකට නෙවෙයි වත්කම් බැරකම් ප්‍රකාශ භාරදිය යුත්තේ අල්ලස් කොමිෂන් සභාවට. ඒ වගේම අල්ලස් කොමිෂන් සභාවට බලතල දීලා තියෙනවා මෙම වත්කම් සහ බැරකම් ප්‍රකාශ නිරන්තරයෙන්ම අධීක්ෂණයට ලක් කරන්න.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මාධ්‍ය සාකච්ඡාවකදී දැක්වූ අදහස්….

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>