ඊයේ දින සිදු වූ හෙලිකොප්ටර් අනතුරෙන් ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ එරට විදේශ අමාත්‍ය හොසේන් අබ්දුල්ලාහින් ඇතුළු පිරිස මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය තහවුරු කරනවා.

අනතුරට පත් වූ හෙළිකොප්ටර් යානය තුළ අසර්බයිජානයේ සිට ආපසු පැමිණෙමින් සිටි ජනාධිපතිවරයා, ඇතුළු පුද්ගලයින් 9 දෙනෙකු ගමන් කර තිබුණා.

ඉරාන ජනාධිපති රයිසි ඇතුළු එරට ඉහළ නිලධාරීන් පිරිසක් ඉරාන – අසර්බයිජාන දේශ සීමාවේ වේල්ලක් විවෘත කිරීමට එක්ව ඇති අතර, එම උත්සවයෙන් පසු ඉරාන ජනාධිපතිවරයා ඇතුළු පිරිස රැගත් හෙලිකොප්ටර් යානය යළි පැමිණෙමින් තිබියදී මෙම අනතුර සිදුවී තිබුණා.