ශ්‍රී ලංකාවේ උතුරු පලාතේ දමිළ ජනතාව අතුරින් 85% පමණ ප්‍රතිශතයක් දකුණු ඉන්දියාවේ රූපවාහිනී නාලිකා නැරඹීම සදහා පෙළබී සිටීම නිසා රටේ සාමාන්‍ය තොරතුරු සම්බන්ධයෙන් සහ රජයේ නාලිකා මඟින් විකාශය කරන රජයේ තොරතුරු කිසිවක් පිළිබඳව ඔවුන්ට අවබෝධයක් නොමැති බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවති ජනමාධ්‍ය අමාත්‍යංශයේ උපදේශණ කාරක සභාවේදී ඔහු මෙම අනාවරණය සිදුකර තිබේ.

දමිළ දරුවන් වෙනුවෙන් අලුයම 04 සිට දහවල් 12 දක්වා නේත්‍රා නාලිකාව හරහා 1 වසරේ සිට 13 වසර දක්වා විවිධ විශයන් සම්බන්ධයෙන් අධ්‍යාපනික වැඩසටහන් විකාශය කලද ඒ සම්බන්ධයෙන්ද යහපත් ප්‍රතිචාර දක්නට නොලැබෙන බවද අනාවරණය වී තිබේ.

මෙම තත්වය වටහා ගනිමින්, විශේෂයෙන් රජයේ රූපවාහිනී නාලිකා වල විකාශය වන වැඩසටහන් උතුරේ ජනතාව අතරට ගෙනයාමට වැඩපිළිවෙලක් සකස් කල යුතු බවද ජනමධ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර ඇත.