පෑලියගොඩ විද්‍යාලංකාර මහ පිරිවෙන්පති, කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති, ලෝක බෞද්ධ සම්මේලනයේ උපසභාපති, කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක, සද්ධම්මජෝතික ධජ අග්ගමහ පණ්ඩිත අතිපූජ්‍ය වැලමිටියාවේ ශ්‍රී කුසලධම්ම නායක මාහිමිපාණන් වහන්සේ අපවත් වී තිබේ.

මෙරට ශාසන ඉතිහාසයේ නොමැකෙන සලකුණක් තැබූ බුද්ධි ප්‍රභාවත් යතිවරයාණන්වහන්සේ නමක් වූ උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය පිළිබඳව කටයුතු පසුව දැනුම් දීමට නියමිතව ඇත.