කඩිනම් මහවැලි මහ සැලැස්සේ අවසන් වාරි වික්‍රමය වන මොරගහකන්ද ජලාශයේ නැරඹුම් මධ්‍යස්ථානය අසලට මේ දිනවල කැළි කසල බැහැර කිරිම් වැඩි වී ඇතැයි පරිසර ලෝලිහු කියා සිටිති.

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ හුදකලා වු මොරගහකන්ද නැරඹුම් මධ්‍යස්ථානයට මේ දිනවල විවිධ පුද්ගලයින් පැමිණෙති.

ඔවුන් විසින් ඉවත දමන පොලිතින්,ප්ලාස්ටික් ඇතුළු නොදිරන අපද්‍රව්‍ය ජලාශය ආසන්යේ බහුලව දැකගත හැකිය.

ජලාශ ආශ්‍රිතව වෙසෙන වදුරන්,රිළවුන් ඇතුළු වන අලින් ද මිනිසුන් විසින් ඉවත දමන කැළි කසල අනුභව කිරිම සදහා පැමිණෙන බවත් මෙය බරපතල තත්ත්වයක් බවත් පරිසරවේදීන් පෙන්වා දෙති.

මොරගහකන්ද ජලාශය නැරඹිම සදහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් සදහා ආරක්ෂිත වැටක් ඉදිකර සකසා ඇති නැරඹුම් මධ්‍යස්ථානය අසල දී සමස්ථ ජලාශය දැකගත හැකි අතර රිවස්ටන් කදු මුදුනේ සිට ජලාශයට යටවු පැරණි ගම්මාන පිහිටි ප්‍රදේශ පවා පහසුවෙන් දැක ත හැකිය.

මෙවැනි සුන්දර පරිසරයක පිහිටි මේ නැරඹුම් මධ්‍යස්ථානය අසල දී පරිසරයේ සුව විදින මිනිසුන් එම පරිසර පද්ධතියට අපද්‍රව්‍ය බැහැර කිරිම ඉතාමත් සෝචනීය තත්ත්වයකි.

පරිසරය විදින ගමන් අනවශ්‍ය දෑ පරිසරයට මුදා හැරිම් නොකරන්නැයි  පරිසර හිතකාමිහු සංචාරකයින්ගෙන් ඉල්ලා සිටිති.

(නාඋල – ඉන්දික අරුණ කුමාර)