පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සත්‍ය අනාවරණය කරගැනීම සඳහා කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් ගෙනයන සටන සදහා සිය පූර්ණ සහයෝගය ලබාදෙන බව අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්නේ විසින් ලිපියක් මගින් දැනුම් දී ඇති බව වාර්තා වනවා.

සති අන්තයේ අන්තර්ජාලය හරහා පැවති වැඩසටහනකදී කාදිනල් හිමියන් මේ බව අනාවරණය කර තිබේ.

එම ලිපියේ දක්වා ඇති පරිදි පාප් වහන්සේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරියේදී ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තමාව දැනුවත් කරන ලෙසත්, මේ සම්බන්ධයෙන් වතිකානුවේ රාජ්‍ය ලේකම්වරයා සමඟ සාකච්ජාකොට කඩිනමින් ඉදිරි පියවර ගන්නා බවද උන්වහන්සේ කාදිනල් හිමිට පොරොන්දු වී තිබේ.

කෙසේ වෙතත් පාප් වහන්සේ විසින් එවන ලද ලිපිය සම්පූර්ණ වශයෙන් මාධ්‍ය වෙත යොමු නොකිරීමට කාදිනල් හිමි තීරණය කර ඇත.