ආයතනික රැකවරණයෙන් වයස අවුරුදු 18 සම්පූර්ණ වී සමාජගත වන දරුවන්ට ස්ථිර නිවාසයක් ලබාගැනීම සඳහා මූල්‍ය ආධාර ලබාදීමේ වැඩසටහනක් රජය විසින් හඳුන්වා දීමට සූදානම් කර තිබේ. අද (15) දින පැවති රජයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සඳහන් කරන ලද්දේ ‘දිවියට සවියක්' නිවාස සහාය වැඩසටහන යටතේ මෙම ආධාර ලබාදෙන...

