රුපියල් මිලියන 29.5ක මුදලක් වැය කර ඉදිකළ කළුවාන්චිකුඩි නව තැපැල් කාර්යාලය ජනතා අයිතියට පත් කෙරේ. – 25.07.2026

මඩකලපුව දිස්ත්‍රික්කයේ කළුවාන්චිකුඩි ප්‍රදේශයේ නවීන පහසුකම්වලින් සමන්විතව ඉදිකරන ලද පළමු ශ්‍රේණියේ නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීම අද (25) දින සිදු කෙරිණි. පසුගිය වසරේ සැප්තැම්බර් 18 වනදා මුල්ගල තබා මාස 10ක් තුළ ඉදිකිරීම් අවසන් කළ මෙම ගොඩනැගිල්ල සඳහා ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 29.5ක මුදලක් වැය කර...