අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ඊයේ (08) දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී අවධාරණය කළේ, අධ්‍යාපන පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේදී යටිතල පහසුකම් සම්පූර්ණ කිරීමට සමගාමීව ගුරුවරුන් නිසි ලෙස පුහුණු කිරීම සහ ගුණාත්මක අන්තර්ගතයන් සංවර්ධනය කිරීම අත්‍යවශ්‍ය බවයි. ඇය පැවසූයේ, YouTube වීඩියෝ පමණක් නොව, විෂය නිර්දේශයට ගැලපෙන ඉගැන්වීම් අන්තර්ගතයන් ‘e-තක්සලාව’ වැනි රජයේ නිල...

