සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙන් කළ අයවැය ප්‍රතිපාදනවලින් ක්‍රියාත්මක ව්‍යාපෘතින්හි ප්‍රගතිය විමසා බැලේ.

මෙවර අයවැය මගින් සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙන් කළ ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය විමසා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පස්වරුවේ පැවැත් විණි. සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ ඉදිකිරීම් ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය හා මානව සම්පත් සංවර්ධනය සඳහා ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘතිවල ප්‍රගතිය වෙන් වෙන් වශයෙන් විමසා බැලීම මෙහිදී සිදු කෙරුණු අතර ඒවා ක්‍රියාත්මක...