හල්දුම්මුල්ල ප්‍රදේශීය සභාවේ බලය ජාතික ජන බලවේගයට. 13.06.2025

හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය ජාතික ජන බලවේගය වෙත හිමිවී තිබේ. ඒ අනුව, ඡන්ද 11ක් ලබාගනිමින් ජගත් කුමාර රාජපක්ෂ මහතා සභාපතිවරයා ලෙස පත්වී ඇති බව වාර්තා වේ. එමෙන්ම, උපසභාපති ධුරය ස්වාධීන කණ්ඩායමක් නියෝජනය කළ ආර්. මුර්ගේෂන් මහතාට හිමිවී ඇති බවද වැඩිදුරටත් සඳහන් වේ.