රාජ්‍ය සේවය ඵලදායි සහ කාර්යක්ෂම සේවයක් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් කෘත්‍රීම බුද්ධිය (AI) යොදා ගත හැකි ආකාරය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරින් දැනුවත් කිරීමේ වැඩමුළුවක් අද (28) අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්විණි. රජයේ ප්‍රමුඛ වැඩසටහනක් වන රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙළෙහි ආරම්භක ප්‍රවේශයක් ලෙස නිලධාරීන් දැනුවත් කිරීම හා සුදානම් කිරීමත්, කෘත්‍රිම බුද්ධිය පිළිබඳව රාජ්‍ය සේවය තුළ...