චීන වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ජනපති හමු වෙයි. – 30.05.2025

මෙරට පැමිණ සිටින චීන මහජන  සමූහාණ්ඩුවේ වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය වං වෙන්ටාඕ  (Wang Wentao) මහතා අද (29) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වී සාකච්ඡා පැවැත්වීය. මේ වන විට ශ්‍රී ලංකාව තුළ පවතින දේශපාලන සහ අර්ථික ස්ථාවරත්වය සහ ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ගෙන යන විනිවිදභාවයෙන් යුත් වැඩපිළිවෙළ හමුවේ චීන ආයෝජකයන් ශ්‍රී ලංකාවේ...