අපරාධ රාජ්‍යය වෙනුවට, යහපත් රටක් ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ ඔසවා තැබීමේ අනුලංඝනීය වගකීම දිවි හිමියෙන් ඉටු කරනවා. – 31.05.2025

ජනපති ගල්කිරියාගම සිරි සමාධි මහා විහාරයේ ධාතු මන්දිරය විවෘත කිරීමේ පුණ්‍යොත්සවයේදී කියයි. දේශපාලන රැකවරණය මත ගොඩනැගී තිබූ අපරාධ රාජ්‍යය වෙනුවට, යහපත් රටක් ලෙස මේ රට ජාත්‍යන්තරයේ ඔසවා තැබීමට තමා වෙත පැවරී ඇති අනුලංඝනීය වගකීම දිවි හිමියෙන් ඉටු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. ශ්‍රී ලංකාව ස්වභාවික සම්පතින් අනූන, සශ්‍රික රටක්...