හෙට (11) දිනයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවනු ලැබ තිබේ.

ඒ, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ඖෂධ ගෙන්වීම් සම්බන්ධයෙන් කල පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

කෙහෙළිය රඹුක්වැල්ල මහතාට මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙන්නේ මෙරටට ඖෂධ ගෙන්වීමේ ක්‍රියාවලිය තුළ ඇතිවී ඇති ගැටළු සම්බන්ධයෙන්ය. එම පැමිණිල්ලට අදාළව, පසුගිය රජයේ කිහිපදෙනෙකු ද මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ප්‍රකාශ ලබාදී ඇති