අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය චන්ද්‍රාණී බණ්ඩාරට එරෙහිව ගොනු කර ඇති දූෂණ නඩුව ලබන 28 වැනිදා කොළඹ මහාධිකරණය හමුවේ යළි කැඳවීමට නියෝග කර තිබේ. විත්තිය ඉල්ලා සිටි ලේඛන භාරදීම සඳහා මෙම නියෝගය ලබා දී ඇත.
2019 ජනවාරි 14 සිට 31 දක්වා කාලය තුළ නිසි ක්‍රියා පටිපාටි නොමැතිව එච්.එම්. චන්ද්‍රවංශ නැමැත්තෙකු වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධ්යක්ෂ ලෙස පත් කිරීම සහ සිය හිතවතුන් පිරිසක් නීති විරෝධී ලෙස විවිධ තනතුරුවලට පත් කිරීමට නිලධාරීන්ට බලපෑම් කිරීම යන චෝදනා මත ඇයට මෙම අධි චෝදනා ගොනු කර ඇත.
