වසන්ත මුදලිගේ – ජන අරගල සංවිධානය.

මුත්තු නගර් ගමේ වැසියෝ 1972 සිට අවුරුදු පනහක් තිස්සේ වගා කරනවා. නමුත් අවුරුදු පනහකට පස්සේ මුත්තු නගර් මිනිස්සුන්ට කියනවා දැන් ඉඩම් ටික ඕනේ ඉවත් වෙන්න කියලා. මාස තුනකට කලින් තමන්ගේ ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්ට පැමිණිලි කළා ඉඩම් ටික ගන්න එපා ජීවත් වෙන්න තියෙන්නේ මෙපමණයි බව.

ඉඩම් ටික ලබාගෙන , ඒ ඉඩම් සමාගම්වලට ලබා දී සෝල පැනල ව්‍යාපෘතියක් ඉදිකරනවා. වරාය අවට සෝල පැනල් ව්‍යාපෘතියට ඉඩම් අක්කර නමදාහක් තිබියදීත් වගාකරන කුඹුරු ඉඩම් ටිකම ලබා ගන්නේ ඇයි ..?
තිහට කලින් ආණ්ඩුවට පුළුවන් මේ ප්‍රශ්නය ගොඩින් බේරගන්න. ගොඩින් මේ ප්‍රශ්නය බේරෙන්නේ නැත්නම්, තිහෙන් පස්සේ ගොවියෝ සමග වගා කරලා මඩින් ප්‍රශ්නය බේරගන්න අපිත් මැදිහත් වෙනවා කියන එක අපි අවධාරණය කර සිටිනවා.

වැඩිදුර විස්තර සදහා >>>>>>>>>>>