අමාත්‍ය සරෝජා පෝල්රාජ්

ලංකාවේ ග්‍රාමීය ආර්ථිකය ඇතුලේ කාන්තාවන් සවිබල ගැන්වීම කියන එක ඉතාමත් අත්‍යාවශ්‍ය කාරණාවක්. අනිවාර්යෙන් කාන්තාවන්ගේ ආර්ථිකය ගොඩනැංවීම කියන එක කල යුතුම දෙයක්. ඒ වගේම දරුවන්ගේ සුරක්ෂිත හෙට දවස නිර්මාණය කරන්න. කාන්තාවන් සවිබල ගැන්වීම, ඒ වගේම තමයි දැනුමෙන්, ඒ වගේම අපේ තියෙන සමාජ ආකල්ප වලින් විශාල සමාජ පරිව අපිට අවශ්‍ය වෙනවා.

ඒ වගේම තමයි පොදු ප්‍රවාහන සේවය තුළ හිංසනයට ලක්වීම, වෘත්තීය අවස්ථාවන්වලදී හිංසනයට ලක්වීම, ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානතාවයෙන් පිදුම් නොලැබීම, සමාජ අවස්ථාවන්වලදී පිළිකුල් කිරීම, අතඇරලා දැමීම, හිංසනයට ලක්වීම, සූරාකෑම ආදී ගොඩක් කාරණා අපි කතා කරමින් තිබුණු කාල පරාසයක, රැකියාව තුළ සුරක්ෂිතභාවය, ආර්ථිකය තුළ තමාට අදාළ හිමිකම, සමාන ශ්‍රමයට සමාන වැටුප් ලැබීම, අපේ දරුවන්ට සුරක්ෂිත අධ්‍යාපනයක් හා සමාජ මනෝභාවයේ වටපිටාවක් නිර්මාණය කරගැනීමට අපි බලාපොරොත්තු වෙනවා.

අමාත්‍ය සරෝජා පෝල්රාජ් තම අමාත්‍ය ධුරයේ වැඩ භාර ගනිමින් සිදු කල ප්‍රකාශය.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>