සමෘද්ධි දෙපාර්තමේන්තුවේ දීර්ඝ කාලයක සිට උඩු දුවමින් පවතින සේවක ගැටළු වලට විසඳුමක් ලබා දෙන ලෙස ඉල්ලමින් වෘත්තිය සමිති කිහිපයක් වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බව ප්‍රකාශ කරනවා. ඔවුන්ගේ ඉල්ලීම් අතර සේවක උසස් වීම් ක්‍රියාවලිය සහ විශ්‍රාම වැටුප් පිළිබඳ ගැටළුව ප්‍රධාන වනවා. කෙසේ වෙතත් මේ ගැටලු කඩිනමින් විසඳීමට කටයුතු කරන බව ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා ගම්පහ දී පැවති උත්සවයකදී ප්‍රකාශ කළා ඒ සදහා මේ වන විටත් සමෘද්ධි වෘත්තීය සමිති සමග සාකච්චාකොට අදහස් හා යෝජනා ලබාගෙන තිබෙනවා.
මෙවන් පසුබිමක රැකියාලාබී උපාධිධාරී සමෘද්ධි සංවර්ධන සංගමය විවිධ හේතූන් හුවා දක්වමින් උද්ඝෝෂණ හා වෘත්තීය ක්‍රියාමර්ග වලට එළඹීම නිසා විසඳුම් ලබාදීම තවත් කල්ගත වනු ඇති බවට සේවකයන් බියට පත්ව තිබෙනවා. මෙම විරෝධතා පරාජිත දේශපාලන කණ්ඩායම්වල උවමනාව මත සිදුවන බවට සේවකයන් චෝදනා කරනු ලබනවා.