රුපියල් මිලියන 243.8ක නීතිවිරෝධී වත්කම් ඉපැයීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව පවරා ඇති නඩුව 2027 මාර්තු 2 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නොවැම්බර් 27 වැනිදා නියෝග කළේය.

සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් කර අධිකරණයට වාර්තා කිරීම සඳහා අල්ලස් කොමිසම ඉදිරි දිනයක් ඉල්ලා සිටීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය. සැකකාර හිටපු මන්ත්‍රීවරයා මේ වන විට ඇප මත මුදා හැර තිබේ.