බේරුවල නගර සභාවේ නව සභාපතිවරයා ලෙස ජාතික ජනබලවේගයේ එම්.ඒ. මොහොමඩ් මබාසීම් මහතා විවෘත ඡන්දය හරහා තේරී පත්වී ඇත.

ඔහු සමග තරග වුයේ ස්වාධීන කණ්ඩායමේ මොහොමඩ් අසාම් වන අතර, මබාසීම් මහතා සමගි ජන බලවේගයේ සහායත් සමඟ ඡන්ද 9ක් ලබා ජයග්‍රහණය කර ඇත.

එමෙන්ම, උප සභාපතිවරයා ලෙස සමගි ජන බලවේගයේ බී. විමලසිරි මහතා තේරී පත්වී ඇත.