හිටපු පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශට කොටුව මහේස්ත්රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, ඔහුට එරෙහි නඩුවක් අද (03) කැඳවූ අවස්ථාවේදී ඔහු අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කර ඇත.
ඔහුට එරෙහිව මෙම නඩුව කැඳවා ඇත්තේ, ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ජාතික නිදහස් පෙරමුණට ලබා දුන් රජයේ වාහන 40 ක් අවභාවිතා කරමින්, රජයට රු. මිලියන 09 ක පාඩුවක් සිදු කළ බව කියන සිද්ධියකට අදාළවය.






