හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව විභාගයට ගැනීම සඳහා කොළඹ මහාධිකරණය විසින් අද (22) දින නියම කර තිබෙනවා.

2010 වසරේ සිට 2015 වසර දක්වා කාලසීමාව තුළ රජයේ අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කරමින්, සිය නීත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් මිලියන 75කට ආසන්න වත්කම් සහ මුදල් අත්පත් කර ගැනීම තුළින්, අල්ලස් පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කර, අල්ලස් කොමිසම විසින් ඉකුත් යහපාලන රජය සමයේ හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව මෙම නඩුව පවරා තිබෙනවා.

මෙම නඩුව දෙසැම්බර් 18 සහ ජනවාරි 20 යන දිනවල විභාගයට ගැනීමට විනිසුරුවරයා දින නියම කර ඇත.