චේනක අබේසිංහ

මේ හදන්නේ ජන මතය මංකොල්ල කන්නනේ. ඒ කියන්නේ ජනමතයක් මේක ඇතුලේ ඉදිරිපත් වෙලා තියෙනවා. ඒක තමයි බහුතරය බලය ලබාදීපු කණ්ඩායමට ඒ පළාත් පාලන ආයතනය මෙහෙයවීමේ වගකීම අපි දෙන්න ඕනේ. එහෙම නැතුව එතනින් එහාට ජනතාව තෝරා පත් කරගත්තේ කණ්ඩායම් කිහිපයක් එකතු වෙලා ඒ බලය මංකොල්ල කන්න හදනවනම් ඒක වැරදියි. ඒක න්‍යායාත්මකව හරි වෙන්න පුළුවන්. සභාපති තෝරා ගැනීමේ ක්‍රියාවලිය ඇතුළේ හරි වෙන්න පුළුවන්. අපි සදාචාරාත්මක පැත්තයි මේ කතා කරන්නේ. එහෙම නැතුව මේකේ නීතිමය පැත්ත නෙමෙයි කතා කරන්නේ. සදාචාරාත්මක පැත්ත මේ කතා කරන්නේ. ජනතාව පැහැදිලි තීරණයක් දීලා තියෙනවා වැඩිපුර ප්‍රමාණයක් යම්කිසි කණ්ඩායමකට ලබලා දීලා තියෙනවා. එතකොට ඔවුන් තමයි මේ පළාත් පාලන ආයතනයේ මෙහෙයවිය යුත්තේ. අපි කියනවා අන්න එහෙම මෙහෙයවන්න දීලා වසරක් බලාගෙන ඉඳලා මේක හරියට යන්නැත්තන් අන්න බලය අත්පත් කර ගැනීම ගත්තට කමක් නෑ.

චේනකගෙන් අනාවරණයක්..!

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>