කුරුණෑගල වීදේශ සේවා ඒජන්සියක් මගින් පුද්ගලයන් 81ක් දෙනෙකුට රුමේනියාවේ සහ ඊශ්‍රායලයේ රැකියා ලබාදෙන බව පවසමින් රුපියල් ලක්ෂ හත්සීයකට වැඩි වංචාවක් සිදු කළ බව පවසමින් අද දින පිරිසක් බත්තරමුල්ලේ පිහිටි විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත පැමිණ ඇත.
ඒ අනුව ඔවුන් පවසන ලද්දේ වසර දෙකක් පුරාවට විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිලි 81 ක් සිදු කර ඇති බවත් මේ වන විටත් කිසිදු සැකකරුවෙකු අල්ලා නොමැති බවත්ය.
එම සැකකරුවන් අල්ලා දෙන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරින් තමන් හට පැවසූ බවත් මෙහිදී ඔවුන් ප්‍රකාශ කරන ලදී.
කුරුණෑගල ප්‍රදේශයේ ”Air Asia” නමින් විදේශ සේවා ඒජන්සියක් පවත්වාගෙන යන මුවාවෙන් පුද්ගලයින් හතර දෙනෙකු විසින් මෙසේ මුදල් වංචා කර ඇත.






