ජනාධිපති අනුර කුමාර දිසානායක මාලදිවයිනට රාජ්‍ය සංචාරයකට පිටත්වීම හේතුවෙන් අමාත්‍යාංශ 4කට වැඩබලන අමාත්‍යවරුන් පත් කර ඇත.

  • මුදල් හා ආර්ථික සංවර්ධන – අනිල් ජයන්ත ප්‍රනාන්දු
  • ඩිජිටල් ආර්ථිකය – එරංග වීරරත්න
  • ආරක්ෂක – අරුණ ජයසේකර
  • විදේශ, විදේශ රැකියා සහ සංචාරක කටයුතු – අරුන් හේමචන්ද්‍ර

මෙම පත්කිරීම් ජනාධිපති මාධ්‍ය අංශය මගින් දැනුම් දෙන ලදි.