එච්. එම්. මැදිවත්ත

පහුගිය හය වෙනිදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමතිතුමා මේ රට පාලනය කරපු දූෂිත දේශපාලන සංස්කෘතියේ නියෝජනය කරපු මැති ඇමතිවරු හතලිස් තුන් දෙනෙකු ඔවුන්ගේ දේපල සහ වත්කම් විනාශ වුනා කියලා ලබා ගත්ත වන්දි මුදල් ප්‍රමාණයක් සම්බන්ධයෙන් හෙළිදරව්වක් කරා. ඔය මන්ත්‍රීවරුන් ඇමතිවරුන් සියලු දෙනාම පසුගිය කාලයේ පූර්ණ කාලීනව දේශපාලනයේ නියැලුණු කට්ටිය. ඉතින් ඔවුන්ට එවැනි වත්කම් උපයා ගැනීම සඳහා ඔවුන් ලබපු වැටුප් සහ දීමනා ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අනිවාර්යෙන්ම වංචා, දූෂණ සහ විවිධ දේවල් හරහා එකතු කරගත්ත මුදල් වෙන්න ඕන. ඔවුන් වත්කම් සහ බැරකම් රජයට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒවා සඳහන් වෙලා තියෙන්න ඕන. එහෙනම් කොහොමද මෙවැනි දේපළක්, මෙවැනි නිවාස, මෙවැනි ධනයක් උපයා ගත්තේ සහ ඒවා විනාශ වුණා කියලා මේ ආකාරයට වන්දි ඉල්ලන්න කටයුතු කළේ?

එච්. එම්. මැදිවත්ත මාධ්‍යට දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>