පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ බෑනා වන ධනුෂ්ක වීරක්කොඩි මීට සුළු මොහොතකට පෙර මතුගම අධිකරණය වෙත ඉදිරිපත් වී තිබෙනවා.

නීති විරෝධීව කොටස් ලෙස ගෙන්වා එකලස් කර කූට ලේඛන භාවිත කරමින් ලියාපදිංචි කර ඇති බව කියන Land Cruiser වර්ගයේ ජීප් රථයක් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයට අදාළව ඔහු ‍මෙලෙස භාරවී ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ පුත් රසික විතාන රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා.

පසුගියදා මෙම සිදුවීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වන රෝහිත අබේගුණවර්ධනගේ දියණියගේ නිවසට පරීක්ෂණ නිලධාරීන් ගියද ඔවුන් එහි නොසිටි බවයි වාර්තා වුණේ.