රුසියාවේ සයිබීරියානු කලාපයේ කෙමරෝවෝ (Kemerovo) ප්‍රදේශයේ යගුනෝවෝ (Yagunovo) ගම්මානය ආසන්නයේදී හමුදා ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ප්‍රාදේශීය ආණ්ඩුකාර ඉලියා සෙරෙඩියුක් (Ilya Seredyuk) මහතා අදාළ ප්‍රදේශයේ ගුවන් අනතුරක් සිදුව ඇති බව තහවුරු කර තිබේ.

අනතුරට ලක්ව ඇත්තේ An-12 වර්ගයේ හමුදා ප්‍රවාහන ගුවන් යානයක් බව රුසියානු රූපවාහිනී නාලිකාවක් වාර්තා කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වන අතර, අනතුරට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නැත.