රියදුරු බලපත්‍රය කල් ඉකුත් වී ඇත්නම්, පවතින ආපදා තත්ත්වය මත ඊට සහනයක් ලබාදීමට තීරණය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් පවසනවා.
ඒ අනුව, 2025 නොවැම්බර් 25 වැනිදා සිට දෙසැම්බර් 25 වැනිදා දක්වා මෙම සහනය ලබාදී ඇති අතර, එම කාලය තුළ ඒ සම්බන්ධයෙන් දඩ අය කිරීමක් සිදු නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.





